ඉදිරි සති කිහිපය ‘විජයදාසට’ හරිම තීරණාත්මකයි

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද යන්න සම්බන්ධයෙන් තමා ඉදිරි සති කිහිපය තුළ තීරණයක් ගන්නා බව මාධ්‍යවේදීන් යොමුකළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන බහුතර සාමාජිකයින් ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි ඔහු පවසන්නේ.

“අද අපේ රටේ තිබෙන කිසිම දේශපාලන පක්ෂයක් පිළිබඳව ජනතාවට විශ්වාසයක් නැහැ. ඒ නිසා ඉදිරි මැතිවරණය බොහොම වෙනස් මැතිවරණයක්, ඒ වගේම තීරණාක්මක මැතිවරණයක්. පක්ෂය බලලා ඡන්දය දෙන ඡන්දදායකයෝ නෑ. ඉදිරිපත්වන පුද්ගලයා අනුව තමයි ඡන්දය දීමට ජනතාව කල්පනා කරන්නේ.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!