ඝාතනය කළ පොලිස් සැරයන්ගේ නමත් ගලවයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිළධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන යන අය ඝාතනයට ලක්වී ඊයේ දිනට වසර 02 ක් සම්පුර්ණ වුණා.

එම ඝාතනයට වසර 02 ක් සපිරෙන දිනයේ පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන නිලධාරියාගේ නමින් සවිකර තිබු මාර්ග පුවරුව පිරිසක් විසින් කඩා ඉවත් කර තිබෙන බව වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පොලිස් සැරයන්වරයාගේ බිරිද විසින් පොලිස්පතිවරයා වෙත දුරකථන ඇමතුමකින් දැනුම්දීමෙන් පසුව පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මැදිරිගිරිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම පුවරුව නැවත සකස් කිරීමටද පියවර ගෙන තිබෙනවා..

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!