තරුණයන් අතරින් නව දේශපාලන බලවේගයක් – තලවකැලේට විශාල පිරිසක්

ග්‍රාමීය තරුණ ප්‍රජාව ඉලක්කරගත් තරුණ දේශපාලන පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසයේ (YDC) පළමු ආසන බලමණ්ඩලය පිහිටුවීම එහි නායක කේ. අර්ජුන මහතාගේ ප්‍රධානත්වයෙන් තලවකැලේ නගරයේදී පැවැත්වුණා.

ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසයේ තලවකැලේ ආසන බලමණ්ඩලයේ සාමාජිකයන් දෙදහසකට අධික පිරිසක් සහභාගී වුණා.

එමෙන්ම එම පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීමේ අරමුණින් ආසන සංවිධායකයන් තෝරා ගැනීම ඔවුන්ගේ ප්‍රතිත්ති මූලික කරගනිමින් මැතිවරණයක් හරහා සිදුවුණා.

එහිදී ඡන්ද 1,348ක් ලබා ගනිමින් ලදුර්ෂන් වෙල්ලසාමි මහතා ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසයේ තලවකැලේ ආසන සංවිධායක ධූරයට පත්වුණා.

ඉදිරි මාස තුන තුළ මැතිවරණ ක්‍රමය හරහා ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසයේ ආසන බලමණ්ඩල 100ක් පිහිටුවිමට බලාපොරොත්තු වන බව හා තලවකැලේ ආසනය අශීලාචාර දේශපාලනයේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොතබන බව ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ පක්ෂ නායක කේ. අර්ජුන මහතා බල මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළා.

එසේම දේශපාලකයන් විසින් රටේ කළ විනාශය නැවත නොවන්නට, තරුණ පරපුරට ඉඩ නොතබන බවත් ඒ මහතා එහිදී ප්‍රතිඥා දුන්නා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!