බස් රථයකට යටවූ පාසල් සිසුවියකට අත්වූ ඉරණම

අද (22) උදෑසන නව කුරුඳුවත්ත පොලිස් වසමේ උඩහේන්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයකට යටවීමෙන් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම දැරිය බරපතළ තුවාල ලැබූ පසු නව කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළත් මියගිය බවයි වාර්තා වන්නේ.

මිය ගිය දැරිය මල්ගොල්ල පටිතලාව ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි වියේ පසුවුණු පාසල් සිසුවියක්.

මෙම දැරිය බස් රථයෙන් බැස එම බස් රථය ඉදිරිපිටින් මාර්ගය හරහා මාරුවීමට ගිය අවස්ථාවේදී එම බස් රත්යටම යටවී ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණ වී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුර සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ නව කුරුඳුවත්ත පොලීසිය විසින් සිදුකරනවා.

අදාළ නිවේදනය පහතින්,

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!