මරණයෙන් කෙළවර වුණු ආරවුල

හෝකන්දර හොරහේන ප්‍රදේශයේ නිවසක් තුළ දී තරුණයෙකුට පහරදී ඝාතනය කළ පුවතක් වාර්තා වනවා.

ඊයේ (15) රාත්‍රී 7.30ට පමණ එම අනතුර සිදුව ඇති බව සඳහන් වනවා.

පුද්ගලයකු විසින් පොලු පහරක් එල්ල කිරීම හේතුවෙන් එම තරුණයා මියගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ 26 හැවිරිදි හෝකන්දර, හොරහේන පාර ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහකයෙක්.

පහර දුන් පුද්ගලයා අද (16) උදෑසන අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේ පහර දුන් පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට දින 10කට පෙර නිදහස් වී ආ පුද්ගලයෙකු බව අතුරුගිරිය පොලීසිය සඳහන් කරනවා.

පොලීසිය සැක පළ කරන්නේ ඔවුන් දෙදෙනා මිතුරන් වන අතර, දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවටයි.

නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් විසින් ස්ථානීය පරීක්ෂණය අද පෙරවරුවේ සිදු කළා.

ඝාතනය සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ අතුරුගිරිය පොලීසිය විසින් සිදුකරන අතර, සැකකරුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!