රිය අනතුරෙන් මියගිය පාසල් සිසුවා.

මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ දොඩම්පහල උඩදෙනිය ප්‍රදේශයේදී ඊයේ (04) අලුයම ටිපර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැනීමෙන් අනතුර සිදුව තිබෙනවා.

එම අනතුරෙන් ත්‍රීරෝද රථය මාර්ගයේ පෙරළී ගොස් තිබූ අතර පසුව එහි රියදුරු, පසුපස අසුනේ ගමන් කළ කාන්තාවක් සහ ඇයගේ පිරිමි දරුවා බරපතළ තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව එහි ගමන් ගත් 08 හැවිරිදි අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

මෙලෙස දංපතිගම බිබිල ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක්.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව තංගල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ත්‍රීරෝද රථයේ රියදුරා ප්‍රතිකාර ගෙන රෝහලෙන් පිටව ගොස් පොලීසියට භාරවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන බව දික්වැල්ල පොලීසිය පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!