ඔලිම්පික් වරම් ලැබූ තරුෂි සහ දිල්හානි

ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

තරුෂි කරුණාරත්න කාන්තා මීටර 800 ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති අතර දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති බව වාර්තා වනවා.

තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවට මෙවර සිය ඔලිම්පික් සිහිනය සැබැ කරගැනීම සඳහා අවසන් මොහොත දක්වා සුදුසුකම් ලබා ගැනීමේ තරගවල නිරතවීමට සිදුවුණා.

ඒ ජාතික මහ ක්‍රිඩා උළෙලේ ඇය සහභාගිවූ ඉසව්ව වැසි තත්ත්වයක් මධ්‍යයේ පැවැත්වීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කිරීම නිසා ඇයට හොඳ තරග නිමි කාලයක් වාර්තා කිරීමට නොහැකි වීම හේතුවෙන්.

කෙසේවෙතත් මෙවර පැරිස් ඔලිම්පික් කාන්තා මීටර 800 ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් 48 දෙනෙකු සුදුසුකම් ලබා ගන්නා අතර ශ්‍රේණිගත කිරීම්වල 45වැනි ස්ථානයේ පසුවන තරුෂිට ඒ සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිවුණා.

එමෙන්ම දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ශ්‍රේණිගත කිරීම්වල 26වැනි ස්ථානයේ පසුවනවා.

එම ඉසව්වෙන් පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගන්නේ ක්‍රීඩිකාවන් තිස් දෙදෙනෙකු පමණයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!