දරුණු පරාජයක් ලබන ලංකාවේ කබඩි – අඛණ්ඩව තරග පරදී

බංගබන්දු කුසලාන කබඩි තරගාවලිය මේ වන විට බංග්ලාදේශයේ පැවැත්වෙනවා.

එම තරගාවලියේ පළමු තරග දෙකේදී කෙන්යාව සහ තායිලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා.

බංගබන්දු කුසලාන කබඩි තරගාවලියේදී අඛණ්ඩව සිය දෙවන පරාජය ලැබීමටද ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමට සිදු වුණා.

ඒ, තායිලන්තය හමුවේ ලකුණු 41ට 17ක් ලෙස පරාජය වීමේන්.

ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයද කෙන්යාව හමුවේ ලකුණු 56ට 28ක් ලෙස දරුණු පරාජයක් ලැබුවා.

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි නොවූ කණ්ඩායමක් සහභාගී කරවා ඇති බවට පසුගියදා කබඩි ක්‍රීඩකයන්, පුහුණුකරුවන් ඇතුළු පිරිසක් චෝදනා එල්ල කර තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!