කැනඩාවේ දී මරා දැමු ‘ලංකාවේ පවුල ගැන’ එරට අගමැති කියූ කතාව

කැනඩාවේ ඔටාවාබැර්හෙවන් ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ සිය ශෝකය පල කර තිබෙනවා.

මෙය මෑත කාලයේ එම ප්‍රදේශයේ සිදුවූ දරුණුතම සිදුවීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම ඝාතනයේ සැකකරුවන්නේ 19 හැවිරිදි සොයිසා නම් ශ්‍රී ලාංකික තරුණකුයි.

මෙම තරුණයා ඝාතනයට ලක්වූ පවුල සමග එම නිවසේම ජීවත්ව සිට ඇති අතර පසුගිය බදාදා රාත්‍රී ලැබුණු ඇමතුමකට අනුව අපරාධය සිදුවූ ස්ථානයට ගිය පොලිසිය සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයන් මෑතකදී කැනඩාවේ පදිංචියට ගිය පිරිසක් වනවා.