නව දිල්ලි නුවර සිටි ඉන්දියාවේ ශ්‍රී ලංකාව මහ කොමසාරිස් ෂෙනුකා සෙනවිරත්න නැවත ලංකාවට කැදවීමට පියවර ගෙන ඇත.
ඒ අනුව 20 වැනිදා ඇය මහ කොමසාරිස් කාර්යාලයේ රාජකාරී කටයුත අවසන් කර ලංකාවට පැමිණීමට නියමිතය.
පසුගිය 30 වැනිදා මහ කොමසාරිස්වරිය ලංකාවට කැදවීමට නියමිතව තිබුණි. එහෙත් ජනාධිපතිවරයගේ ඉන්දීය සංචාරය අතරවාරයේදී අවශ්‍ය කටයුතු කිරීම සදහා මහ කොමසාරිස්වරිය ඉන්දියාව තුළ රැදී සිටිය යුතු බවට ඉන්දීය තානාපති අංශ දැනුම්දී තිබේ. ඒ අනුව සති තුනකට ආසන්න කාලයක් ඉන්දියාවේ රැදී සිටීමට ඇයට අවස්ථාව ලබාදී තිබුණි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ සංචාරය අවසන්වූ වහාම මහ කොමසාරිස්තුමිය ලංකාවට කැදවීමට පියවර ගෙන තිබේ.