ණය ගෙවීමේ දුෂ්කරතාවයන්ට මුහුණදී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන ලබාදීම සදහා සහන පැකේජයක් හදුන්වාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.
මෙම සහන පැකේජය ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා බැංකු සංගමය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ නියෝජිතයින් සහ අදාල අනෙකුත් රාජ්‍ය ආයතනල සහයෝගයෙන් බැංකු ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහතික කරමින් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයනි්ගේ ව්‍යාපාර කටයුතු සදහා සහන ලබාදීම සදහා මෙය ක්‍රියාත්මක වේ.
මේ වන විට අක්‍රීය ණය තත්වයේ පසුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් මාර්තු 31 වැනිදා හෝ ඊට පෙර බැංකු සමග සහන ලබාගැනීම පිළිබද සාකච්ඡා ආරම්භ කළ යුතු වේ.
ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගකරණය කිරීම සදහා මාස 12 දක්වා සකන කාලයක් හිමිවේ. ඒ අනුව ණය මේ වන විට පවතින ණය පොලීයෙන් සියයට 65 දක්වා ප්‍රමාණයක් කපා දැමීම සදහාද පියවර ගැනීමට නියමිතය.