ඒකනයිට් නිධි සදහා ආයෝජනය කිරීම සදහා ජපාන ආයෝජකයින් සූදානමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක් කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්තිට ලබාදී තිබේ.
දිවයිනට පැමිණ සිටින ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රී Shimpei Matsushita කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති හමුවිය. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Isomata මහතා සමග කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට පැමිණි Shimpei Matsushita ජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.
ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රී Shimpei Matsushita නව රජයට සුබ පැතුම් එක් කළ අතර දෙරට අතර පවතින දේශපාලනික, ආර්ථික, සමාජයීය හා සංස්කෘතික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කළ යුතු බව අවධාරණය කලේය. මෙහිදී සුනිල් හඳුන්නෙත්ති මෙතෙක් කළක් ජපානය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති සහාය පිළිබඳව තම ස්තුතිය පළ කළ අතර නව රජයේ ප්‍රතිපත්ති සහ ආර්ථික සැලසුම් පිළිබඳව Shimpei Matsushita ප්‍රමුඛ ජපාන දූත පිරිස දැනුවත් කරන ලදී.
ජපාන ආයෝජකයින් සඳහා ලංකාවේ ආයෝජන අවස්ථා රැසක් ඇති බව පැවසූ සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා විශේෂයෙන්ම ඔටෝ මොබයිල් ක්ෂේත්‍රයේ හා ග්‍රැෆයිට්, රූටයිල් සහ ඒකනයිට් යන කර්මාන්ත අංශවල නව ආයෝජන අවස්ථා පවතින බැවින් ඒ සඳහා ආයෝජනය කිරීමට ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය. මෙහිදී ලංකාවේ ඒකනයිට් ක්ෂේත්‍රයේ ආයෝජනය පිළිබඳව ජපාන දූත පිරිසේ විශේෂ අවධානය යොමු විය.