මෙසිරිලකේ, හැට දෙ ලක්ෂයක් බල්ලන් දඩාවතේ

දඩාවතේ යන බල්ලන් ලක්ෂ 62ක් ලංකාවේ සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මේ බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළවැඩිදුරටත් කියා සිටියේ, සංචාරක පෙදෙස්වල මේ තත්ත්වය ඉතා බරපතල තත්ත්වයක් නිර්මාණය කර තිබෙන බවත්, එබැවින් මේ සම්බන්ධයෙන් විසඳුමක් සෙවිය යුතුව තිබෙන බව‍යි.

තව ද සතුන්ගෙන් වන හානි සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය, නව පනතක් ගෙන ඒමට කටයුතු කර තිබෙන බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!