නැව් සංස්ථාවෙන් අයවිය යුතු කෝටී 152ට මොකද වුණේ ?

ශ්‍රී ලංකා නැව් සංස්ථාව සඳහා 2023 වර්ෂය වන විට මෙරට රාජ්‍ය ආයතන 22ක් සහ අර්ධ රාජ්‍ය ආයතන 48කින් රුපියල් කෝටි 152කට අධික මුදලක් ශ්‍රී ලංකා නැව් සංස්ථාවට අය වීමට තිබූ බව ජාතික විගඝණන කාර්යාලය නිකුත් කර තිබු නවතම විගඝණන වර්තාවක සඳහන් වනවා.

මින් වසර 2කට වැඩි කාලයක සිට නැව් සංස්ථාවට අය විය යුතු මුදල රුපියල් හැටඑක්කෝටි අසූලක්ෂ හතලිස් පන්දහස් හාරසිය පනස් තුනක් බවද විගඝණනය මගින් අනාවරණය කරගෙන තිබෙනවා.

ඒවගේම එම විගඝණ වාර්තාවේ වසර තුනකට වඩා පැරණි විදේශීය හා අනෙකුත් වෙළඳ ණයගැතියන්ගෙන් 2023 ජනවාරි මස පළමුවෙනිදා සිට මාර්තු මස 31වනවිට අය විය යුතු මුදල රුපියල් දහසය කෝටි තිස්හත්ලක්ෂ පනස් දෙදහස් හාරසිය විස්සක් ලෙසද සඳහන් වනවා.

ශ්‍රී ලංකා නැව් සංස්ථාව 2022,2023 වර්ෂ 02ක සඳහා රුපියල් එකසිය අසූපන්කෝටි හැත්තෑ එක්ලක්ෂ විසිනවදහස් හත්සිය හැටහයක වාර්තාගත මූල්‍ය අලාභයක් ලබාගෙන ඇති බවත් එහි දක්වා තිබෙනවා.

ලංකාවේ මහජන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර්වලින් ණයමුදලක් ලබාගත් 2021 වර්ෂයේ ජනවාරි මසයේ සිට සිදු වූ විනිමය අනුපාතයේ වූ අසාමාන්‍ය වෙනස්වීම් හේතුවෙන් මෙකී මූල්‍ය අලාභය සිදුව ඇති බවද නිකුත් කරන ලද වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!