අද සවස දෙකට පසු පරිස්සමෙන්

අද (28) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!