කොටි නිසා ලංකාව ආසියාවේ එකට ආපු හැටි

මෙරට විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසියාවේ වැඩිම කොටි ඝනත්වයක් ඇති වනාන්තරය බවට පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබෙනවා.

2011 වසරේ සිට සත්වවේදියෙකු වූ කිස්තිරි ගුණවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකට අනුව මේ බව අනාවරණය කරගෙන ඇති අතර එම පර්යේෂණයට අනුව මේ වනවිට විල්පත්තුව වනෝද්‍යානයේ කොටි 313කට ආසන්න සංඛ්‍යාවක් දිවි ගෙවමින් සිටින බව හෙළිව තිබුණා.

කොටි දේණුවන් 08ක් පමණ දිවි ගෙවන බව ද අනාවරණය කරගෙන තිබෙන අතර හෙක්ටයාර 131,690ක භූමි භාගයක් පුරා පැතිර තිබෙන විල්පත්තුවේ වර්ග සැතපුම් 100කට කොටි 14ක් පමණ ජීවත් වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!