තුර්කි සමාජ ශාලාවක ගින්නෙන් 29කට ජීවිත අහිමිවේ

තුර්කි සමාජ ශාලාවක ඇතිවූ ගින්නකින් 29 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ සමාජ ශාලාවේ අලුත්වැඩියා කටයුත්තක් අතරේ දී ගින්න හටගෙන ඇති බවයි.

සමාජශාලාවේ කළමනාකාරිත්වය සහ අලුත්වැඩියාව සඳහා වගකිව යුතු පුද්ගලයා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!