Exclusive: ඇමති ප්‍රසන්න උදයංගට පහර දෙන්න හදයි

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (20) නෙලුම් මාවතේ පිහිටි, පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවැති රැස්වීම අතරතුර රාජපක්ෂ පවුලේ සමීප ඥාතියෙකු වන උදයංග වීරතුංග මහතාට පහර දීමට උත්සහ දරා ඇති බව වාර්තා වනවා.

එම අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුව ඇති අතර, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර ඇත්තේ තමන් ගරු කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට පමණක් වන බවයි.

එම අවස්ථාවේ දී දෙදදෙනා අතර මතගැටුම උත්සන්න වී ඇති අතර ඉන් පසු ප්‍රසන්න රණතුංග මහතා උදයංග වීරතුංග මහතාට පහර දීමට උත්සහ දරා තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!