ලියුමකින් හෝ ඇමතුමකින් ‘OIC මාරු කළ කාලය’ ඉවරයි

ලියුමකින් හෝ දුරකථන ඇමතුමකින් පොලිසියේ OIC මාරු කළ කාලය අවසන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

අපරාධ හා ප්‍රචණ්ඩත්වය පිළිබඳව බියකින් තොරව විශ්වාසයෙන් යුතුව ජීවත් වීමට හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම තේමා කර ගනිමින් වව්නියාව හා මන්නාරම කොට්ඨාසවල මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන සඳහා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

” මට අවශ්‍ය වුණේ දකුණු පළාතේ විශේෂයෙන් එක දවසකින් මුළු දකුණු පළාතම මෙවැනි රැස්වීම් මාලාවකින් ආවරණය කරන්න.අපි ගිය වසරේ දෙසැම්බර් 16 වැනිදා ඒ රැස්වීම් මාලාව කරලා එදා තමයි අපි මහජනතාව දැනුවත් කෙරුවේ 17 වැනිදා පහුවදා උදේ ඉඳන් මෙම මෙහෙයුම පටන් ගන්නවා කියල මම මේ ඇමතිකම බාරගත්තට පස්සේ මම දැකපු එකක් තමයි මේ කුඩු ජාවාරමෙයි පාතාලයෙයි තියෙන ප්‍රශ්න අපේ රටේ තරුණ තරුණියන් පුතාලා දුවලා අම්මල තාත්තලා කවුරුත් ඇවිල්ලා තිබුන හැටි දැක්කා.එවැනි දෙයක් දැකපු නිසා තමා මම මේ මෙහෙයුම කරන්න තීරණය කෙරුවේ අපි මෙහෙයුම පටන් ගත්ත දවසෙ ඉඳන් කාටවත් කිසිම බුරුලක් නොදී මේ මෙහෙයුම ආරම්භ කරපු දවසේ ඉඳන් අද වෙනකම් කරගෙන යනවා.

ඒ දේ කරන්නේ ඔබ සියලු දෙනා වෙනුවෙන් ඔබ සියලු දෙනාගේ දූ දරුවන් වෙනුවෙන් අප රටේ සියලුම මහජනතාව වෙනුවෙන්.එහෙම හිතලා කරන මේ මෙහෙයුම මේ කුඩු තුරන් කිරීම සහ පාතාලය තුරන් කිරීම අපි කිසිදු බලපෑමකට යටත් නොවී දිගටම කරගෙන යනව ඔබ සියලු දෙනා දන්නවා මේ කුඩු ජාවාරමේ තියෙන මුදල් ප්‍රමාණය මිලියන ගණනින් සල්ලි විසි කරන්න ලෑස්ති අපේ මේ මෙහෙයුම නවත්වන්න.

සමහර රටේ පිළිගත් උදවිය මේ මිලියන ගණන් වලට යටවෙලා ඔවුනුත් අපට බලපෑම් කරනවා. ඒ අතර සමහර නීතිඥ මහත්වරු ඉන්නවා.NGO කට්ටිය ඉන්නවා. බලවත් තව පුද්ගලයින් ඉන්නවා.ඒගොල්ලන් දැන් මේ දවස්වල ලොකුම දේ කරන්න හදන්නේ පොලිස්පතිතුමාගේ පොලිස්පතිකම නැති කරන්න ජාත්‍යන්තරයෙන් බලපෑම් එනවා.අපිට ලියුම් එවනවා. නිවේදන නිකුත් කරනවා. මේ දේවල් කරන්න කියලා. මම හැබැයි සියලු දෙනාටම කියන්න කැමතියි.ඒ මොන බලපෑම් ආවත් පොලිස්පතිතුමාට මොන බලපෑම් කෙරුවත් ඔහුව ඒ තනතුරෙන් ඉවත් කරන්න අපි පසුබට වෙන්නෙ නෑ අපි කරන්න තියෙන දේ කරනවා.කාගෙවත් බලපෑම්වලට යටත් නොවී .

මේ මෙහෙයුමට ජාති භේදයක් නෑ. ආගම් භේදයක් නෑ. දේශපාලනයක් නෑ. ඒක නිසා අපි නීතිය අකුරටම පිළිපැදිය යුතුයි කියලා සියලු දෙනාටම කියලා තියෙන්නේ සිංහල වෙන්න පුළුවන් දමිළ වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් ඒ සියලු දෙනාටම එකම විදිහට මේ නීතිය අපේ පොලිසිය මගේ අමාත්‍යාංශය යටතේ තියෙනකම් අපි ක්‍රියාත්මක කරන බව මම කියන්න ඕන.

අපේ පොලිසියට මේ පහුගිය අවුරුදු එකහමාරේ බලපෑම් කරන එක ගොඩක් අඩුවෙලා තියෙන්නේ. ඉස්සර ඕඅයිසී කෙනෙක් මාරු කරන්නේ ලියුම් අරගෙන එක්කෝ ටෙලිෆෝන් කෝල් එකකින් මෙයාව මාරු කරන්න කියලා. ඒ දේවල් දැන් වෙන්නෙ නෑ. ඒ මොකද මම මේ ඇමතිකම දරනකන් ඒ කිසිවකට මම ඉඩ තියන්නේ නෑ.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!