අයි.එම්.එෆ් වැඩසටහන සංශෝධනය විය යුතුයි කිව්වට, විපක්ෂය මුකුත් කරලා නෑ!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිකරණය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන සංශෝධනය විය යුතු බව විපක්ෂය ප්‍රකාශ කළ ද මෙතෙක් කිසිදු සංශෝධනයක් පිළිබඳ විධිමත් දැනුම්දීමක් සිදු කර නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නිශ්චිතව ඒවා ප්‍රකාශයට පත් කරන්නේ න,ම් ඒ පිළිබඳ කථිකාවක් ගොඩනගා ගත හැකි බවයි.

රට ආර්ථික වශයෙන් දැඩි පීඩාවට පත් ව තිබූ යුගයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන විවේචනය කළ විපක්ෂය මේ මොහොතේ හෝ ඒ සම්බන්ධයෙන් දක්වන යහපත් ප්‍රතිචාරය රජය ධනාත්මකව පිළිගන්නා බවත්, ඒ සඳහා විපක්ෂ ප්‍රායෝගිකව මැදිහත් වන ආකාරය විමසිලිමත්ව බලා සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

කෙසේ වෙතත් කුමන යෝජනාව ඉදිරිපත් වුව ද ඒවා සාර්ථකත්වය මත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමේ හැකියාව ඇත්තේ බහුතරය හිමි ආණ්ඩු පක්ෂයට පමණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!