බිරිඳගේ ගෙල කතුරෙක් කැපූ සැමියා අත්අඩංගුවට

වත්තල නගරයේ පිහිටි වෛද්‍ය පරීක්ෂණ ආයතනයක සේවය කරමින් සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල සිදුකර තිබෙන බවත්, ඇයව මේ වන විට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් වාර්තා වනවා.

මෙලෙස පහරකෑමට ලක්වී ඇත්තේ 24 හැවිරිදි මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

ඊයේ (15) උදෑසන මෙම කාන්තාව සේවය කරමින් සිටි වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත පැමිණ ඇති ඇයගේ සැමියා ඇයත් සමඟ අරවුලක් ඇති කරගෙන තිබෙන අතර, එය දුරදිග යාමෙන් පසුවයි එම ස්ථානයේ ම තිබූ කතුරකින් සැකකාර සැමියා ඇයගේ ගෙල ප්‍රදේශයට පහරදී ඇති බව අනාවරණය වී තිබෙනවා.

පසුව සැකකරු වත්තල පොලීසිය වෙත බාර වී ඇති අතර එහි දී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!