කිරි තේ එකක ගාණ අඩු වෙයි

කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කිරීමටද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා.

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටිවල මිල ගණන් පහළ දැමීමට රජය කටයුතු කිරීම හේතුවෙන් එම තීරණය ගෙන තිබෙන්නේ.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 150කින්ද, ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින්ද පහළ දැමීමට තීරණය කෙරුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!