2026 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සෘජුව ම සුදුසුකම් ලබයි

2026 වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සෘජුව ම සුදුසුකම් ලබා ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනවා.

මේ සඳහා ශ්‍රී ලංකාව හැරුණු විට ඉන්දියාව ද සෘජුව ම සුදුසුකම් ලබා ඇත්තේ, එහි සම සත්කාරකත්වය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් දැරීම හේතු කරගෙනයි.

මෙම වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් ඇතුලුව හොඳ ම කණ්ඩායම් අට ඒ සඳහා සුදුසුකම් ලබනු ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!