පොහොට්ටුවේ විනය හදන කමිටුවට සනත් නිශාන්තගේ බිරිඳත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලයේ සාමාජිකයෙකු හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි පෙරේරා ද නම් කර ඇති බව වාර්තා වනවා.

ජනාධිපති නීතිඥවරුන් වන රසීක් ශාරුක් සහ ඩබ්ලිව්. දයාරත්න යන අය එහි ප්‍රධානින් ලෙසත් පත්කළ බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කළේ.

විනය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස නීතිඥයන් වන අතුල ද සිල්වා, මංජුල වෙල්ලාලගේ, සරත් අතුකෝරළ, තුෂාරි සූරියආරච්චි පත්කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!