පාසල් 9134ක ‘පහ ශ්‍රේණිය දක්වා දරුවන්ට’ අද සිට ප්‍රධාන ආහාර වේලක්

රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් ආවරණය වන පරිදි පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සියලු දරුවන්ට පාසලේදී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමේ වැඩපිළිවෙළ අද (25) සිට ආරම්භවනවා.

පෙරවරු 7.30ත් 8.30ත් අතර මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.

මේ වන විට එක් ආහාර වේලක් වෙනුවෙන් රු. 110දක්වා වැඩි කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!