තවත් ලංකාවේ සෙබළෙක් රුසියා – යුක්‍රේන යුදබිමේ මරුට

යුක්‍රේන රුසියා යුද්ධයේදී රුසියාව වෙනුවෙන් සටන් කළ ශ්‍රී ලාංකික සෙබළකූ මිය ගොස් ඇති බව විදෙස් වාර්තාවක් උපුටා දක්වමින් මෙරට පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා හමුදාව හැර ගොස් රුසියානු හමුදා සමග එක්වූ වසර දහයක හමුදා පල පුරුද්දක් ලැබූ නිපුණ සිල්වා බවයි වාර්තා වන්නේ.

ඔහුගේ ආසන්න සගයා වූ සේනක බණ්ඩාරනම් පුද්ගලයෙක් ඒ සම්බන්ධයෙන් අල් ජසීරා පුවත් සේවයට කරුණු සඳහන් කර තිබෙනවා.

රුසියානු ආරක්ෂක බංකරයක් මුර කරමින් සිටියදී යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් මෙම මරණය සිදුවූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනෙක් ඒ අනුව මේ වන විට මෙම යුක්‍රේන රුසියා යුද්ධය නිසා මියගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා සෙබළුන් දරිද්‍රතාව නිසා මුදල් සොයා ගැනීමට රුසියා යුක්රේන යුද්ධයට සහභාගි වෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත් ඔවුන්ට මසකට ඩොලර් 3000කට ආසන වැටුප් ලැබෙන බවත් එම සෙබළුන් රුසියාවේ පුරවැසිකම් ලබා එහි රැඳෙනු ඇති බවත් එම පුවත් සේවය සඳහන් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!