ස්පා කත උස්සන්න හැදූ, පීසීට වැඩ වරදියි

කුරුවිට, දුම්රිය පාරේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණ එහි සිටින කාන්තාවක බලහත්කාරයෙන් පැහැරගැනීමට තැත් කළ චෝදනාවට පොලිස් බුද්ධි අංශයේ කොස්තාපල්වරයකු කුරුවිට පොලිසිය පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාවක් පැහැරගෙන යාමට තැත්කරන බව පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලද තොරතුරක් මත, එහි ගිය පොලිස් කණ්ඩායමක් චෝදනාවට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා සහ ඔහු සමග සිටි බහුකාර්ය දෙපාර්තමේන්තුවෙන් පොලිසියට අනුයුක්ත කළ අයකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් දෙදෙනා සිරිපාගම පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි දෙදෙනෙක් වන අතර සැකකාර පොලිස් නිලධාරින් දෙදෙනා රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපමත මුදා හැර තිබෙනවා

මේ අතර පොලිස් විශේෂ කාර්යංශයේ අධ්‍යක්ෂකවරයා විසින් පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කර ඇති බව ද වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!