වී වගාව 20%කින් ඉහළ ගිහිං – සියඹලාපිටිය කියයි

ආර්ථක සවිමත්ව ස්ථාවර ලෙස ගොඩනැගෙමින් පවතින බව ජනලේඛන සංඛ්‍යා ලේඛන නවතම වාර්තා මගින් තහවුරු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, 2023 වසරේ සිවු වැනි කාර්තුව සඳහා වන නිෂ්පාදන ප්‍රවේශයට අදාළ සංඛ්‍යා ලේඛන අනුව ඒ බව තහවුරු වන බවයි.

2022 වසරේ – 4.6ක් ලෙස දැක්වුණ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වර්ධනය 2023 වසර තුළ 4.5%ක ධන අගයක් බවට පවත් ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

බාහිර යෙදවුම් සුලබ වීම ඊට හේතුව ලෙස දක්වා ඇති අතර පොහොර ඒ අතරින් ප්‍රධාන වන බවයි සියඹලාපිටිය මහතා අවධාරණය කරන්නේ.

එම කාලය තුළ වී වගාව 20%ක වර්ධනයක් අත් කර ගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

2022 දී කර්මාන්ත අංශයේ පැවැති 16%ක ඍණ වර්ධන වේගය 2023 වසරේ දී 9.2%ක ඍණ අගයක් බවට පත්ව තිබෙන අතර2023 වසර අවසන් කාර්තුවේ වර්ධනය දැක්වෙන්නේ 7.9%ක ධන අගයක් ලෙස බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් 2022 වර්ෂයේ සිව්වන කාර්තුවේ වාර්තා වූ සියයට 12.4ක ඍණ ආර්ථික වර්ධනය 2023 වර්ෂයේ සිව්වන කාර්තුවේ දී 4.5%ක ධන වර්ධනයක් අත්කරගෙන ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!