ඇල්ටො ධර්මෙගෙන් සමාව ඉල්ලූ ඕඅයිසී ගෙදර

පාතාල නායක ඇල්ටෝ ධර්මේගෙන් වැටුප් ලබමින් පාතාලයට සහාය දුන් බව කියන අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවන ලෙස නිර්දේශ කරමින්, පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අත්සනින් ජාතික පොලිස් කොමිසමට ලිපිගොනුව යවා ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කළා.

මෙම පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධව පොලිස් විශේෂ කාර්යාංශය සිදුකළ විමර්ශනයක දී හෙළිවූ කරුණු මත මෙම සේවය අත්හිටුවීම සිදුවන බවයි එම පුවත්පත වාර්තා කළේ.

ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති ලෙස සිටිය දී ඇල්ටෝ ධර්මේගෙන් මුදල් ලබාගෙන ප්‍රතිවිරුද්ධ කල්ලියට සහාය දුන් බවට චෝදනා කරමින් මෙම නිලධාරියාට කුණු හරුපෙන් බැණ වදිමින් තර්ජනය කරද්දීත් ඇල්ටෝ ධර්මේගෙන් සමාව ඉල්ලන හඬ පටය සම්බන්ධව මෙම විමර්ශනය සිදු කෙරුණ බවයි එම පුවත්පත වාර්තා කළේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!