බදු ලිපි ගොනු විවෘත කරන්න වසර තිස් දෙකක් යනවා

මේ වේගයෙන් ගියොත් අවුරුදු 18ට වැඩි ලක්ෂ 160ක ජනතාවගේ බදු ලිපි ගොනු විවෘත කරන්නට වසර තිස් දෙකක් ගත වෙන බව පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2023 වර්ෂයේදී විවෘත කරන්නට සමත්ව ඇත්තේ බදු ලිප ගොනු පන් ලක්ෂයකට අඩු ප්‍රමාණයක් පමණක් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුට පසුගිය වසරේ දෙසැම්බර් 31 දින වන විට ආසන්න වශයෙන් රුපියල් බිලියන 1066 ක් හෙවත් කෝටි ලක්ෂයක් බදු මුදල් පැහැර හැර තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!