එක තරගයක නටන්න අඩුම රුපි­යල් 50,379ක් – රඟපා ඇත්නම් රස්සාව ෂුවර්

ඉන්දීය ප්‍රීමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ එක් තර­ග­ය­කදී නර්ත­නයේ යෙදීම වෙනු­වෙන් ‘චිය­ර්ලී­ඩර්ස්’ ශිල්පි­නි­ය­කට ඉන්දීය රුපි­යල් 14,000ක් (ශ්‍රී ලංකා මුද­ලින් රුපි­යල් 50,379) ගෙවනු ලබන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම ගෙවීම ‘චිය­ර්ලී­ඩර්ස්’ නර්තන ශිල්පි­නි­ය­කගේ අවම ගෙවීම වන අතර, මුම්බායි ඉන්දි­යන්ස් සහ රෝයල් චැලෙ­න්ජර්ස් බැංග­ලෝර් කණ්ඩා­යම් එක් තර­ග­ය­කට ‘චිය­ර්ලී­ඩර්ස්’ නර්තන ශිල්පි­නි­ය­කට ඉන්දීය රුපි­යල් 20,000ක් (ශ්‍රී ලංකා මුද­ලින් රුපි­යල් 71,970) හා කල්කටා නයිට් රයි­ඩර්ස් පිල එක් දින­කදී ගෙවීම ඉන්දීය රුපි­යල් 24,000ක් (ශ්‍රී ලංකා මුද­ලින් රුපි­යල් 86,370) වනවා.

මේ ‘චිය­ර්ලී­ඩර්ස්’ ලා බොහෝ විට හොලි­වුඩ් හා බොලි­වුඩ් ඇතුළු ඉන්දි­යානු චිත්‍ර­ප­ට­වල කුඩා චරිත හෝ රඟපා ඇති අතර, එම­ඟින් ඔවුන්ට ඉන්දි­යානු නර්තන විලා­ස­යන් පිළි­බඳ වැට­හී­මක් තිබෙනවා.

මේ හැරුණු විට, ඇරො­බික් ජිම්නා­ස්ටික් සහ බට­හිර නර්තන ආකෘ­තීන් ද ඔවුන් හදාරා තිබීම අම­තර සුදු­සු­ක­මක් වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!