බංගලියන් හමුවේ ලංකාව ඉතිහාසය වෙනස් කරලා – මෙන්න ලෝක වාර්තා

ශ්‍රී ලංකා -බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගය ලෝක ඉතිහාසයට එක්ව තිබෙනවා.

කමිඳු මෙන්ඩිස් පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 92ක් මෙහිදී රැස්කරගත් අතර ඔහු ක්‍රිඩාකළ ටෙස්ට් ඉනිම් හතර තුළදී ලකුණු 419ක් රැස්කරගැනීම 1976 වසරේදී ජාවේඩ් මියැන්ඩාඩ් පළමු ටෙස්ට් ඉනිම් 4 තුළ වාර්තා කර තිබු ලකුණු 419ක වාර්තාව සම කිරීමක් වනවා..

කමිඳු පළමු ටෙස්ට් ඉනිම 4 තුළදී අර්ධ ශතක වාර්තා කළ ලොව තුන්වැනි ක්‍රිඩකයා ලෙස ද පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 531ක් ලබා ගැනීම ද ටෙස්ට් ඉනිමකදී ක්‍රිඩකයෙක් ශතකයක් වාර්තා නොකර කණ්ඩායමක් ටෙස්ට් ඉතිහාසයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ඉතිහාස පොතට එක්ව තිබෙනවා.

මීට පෙර ඉන්දියාව එම වාර්තාවට හිමිකම් කීවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!