ඡන්දයට කැමති සහ අකමැති පිරිස්

“ඡන්දයක් පවත්වන්න කැමති අයත් ඉන්නවා.නැති අයත් ඕනෑම පක්ෂයක ඉන්නවා.ඒත් අවසන් තීරණය ගන්නෙ පක්ෂය විසින් ” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කළා.

“ඡන්ද පැවැත්වීමට අකමැති වීම අද ඊයේ සිද්ධ වුණ දෙයක් නෙවෙයි.හැත්තෑ පහේ තියන්න ඕනෙ ඡන්දය හැත්තෑහත දක්වා කල් දැමුවා,ඒ වගේම අවුරුදු දාහතක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය අතීතයේ ඡන්ද කල් දැමුවා.යහපාලන ආණ්ඩුව පළාත්සභා විසුරුවා හැරියා අද වෙනතුරු ඡන්ද නෑ.දැන් පළාත්පාලන ඡන්දෙ නෑ.

ඉතින් එහෙමයි කියලා ඡන්ද පැවැත්වීම නොකර ඉන්න බෑ.මහින්ද ජනාධිපතිතුමාගෙ කාලෙ වෙලාවට ඡන්දය තිබ්බා.මම කියන්නෙ මහ මැතිවරණයක් තිබ්බොත් සැබෑ ජනමතය බලා ගන්න පුළුවන් කියලා.පක්ෂය ඇතුලෙ පෞද්ගලික මත තියෙන්න පුළුවන් මැතිවරණ එපා කියන්න පුළුවන්,හැබැයි ඒවා පෞද්ගලික මත විතරයි.පක්ෂය තීරණය කළොත් මොකක්ද තියන්න ඕනෙ මැතිවරණය කියලා, ඊට හැම දෙනාම සහයෝගය දිය යුතුයි “

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!