ලාංකේය රුපවාහිනී වංශ කතාවට නව පරිච්ඡේදයක් එක් කරන ‘මොනරා ටීවී’ හෙට සිට

ලයිකා ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන නාලිකාවක් ලෙස ‘ මොනරා ටීවී ‘ හෙට දිනයේ එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

එම නාලිකාවේ නාලිකා ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ලයිකා ශ්‍රී ලංකා සමාගමේ රුපවාහිනී නාලිකා සමුහයේ මෙහෙයුම් ප්‍රධානියා ද වන බුද්ධික වික්‍රමාදරයි.

මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රභලයෙකු වන බුද්ධික වික්‍රමාදර දශක දෙකකට පෙර ITN මාධ්‍ය ජාලය සමඟ එක්වූ අතර ඉන් පසුව MTV නාලිකා ජාලයට එක්වුණා.

පසුව සිරස ටීවී සති අන්ත ප්‍රධානි සහ TV 1 නාලිකාවේ නාලිකා ප්‍රධානී ලෙස කටයුතු කළ ඔහු MTV නාලිකාවේ ද නාලිකා ප්‍රධානියා ලෙසද කටයුතු කළ කැපී පෙනෙන චරිතයක් වුණා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා වශයෙන් ද කලක් කටයුතු කළ බුද්ධික වික්‍රමාදර මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක ද ප්‍රධානියා ලෙස කටයුතු කරමින් බහුජාතික ආයතන රැසක වෙළඳ දැන්වීම් අධ්‍යක්ෂණයෙන් ද නමක් දිනාගත් අයෙක් ද වනවා.

නව නාලිකාව සම්බන්ධයෙන් ඔහු දක්වන්නේ මෙවන් අදහසක්.

“ලංකාවේ ටෙලිවිෂන් වංශ කතාවට නව පිටුවක් එකතු කරන, එහෙමත් නැත්නම් අලුත් ටෙලිවිෂන් නාලිකාවක් ඉදිරිපත්කරන දවස ඉතාමත්ම ලඟයි.

ටෙලිවිෂන් කියලා කිව්වම ඕනිතරම් ටෙලිලිවිෂන් නාලිකා තියෙනවා

මිනිස්සු ඒවාට කැමතියි සහ අකමැතියි. මේ දෙකම තියෙනවා ටෙලිවිෂන් නාලිකාවල.

අපි අලුත් විදිහේ අලුත් වෙනසක් ඇතිකරනවා.

සතුටින් ජීවත්වීමේ කලාව කියන තේමාව ඔස්සේ අපි මොනරා tv ඉදිරිපත්කරන්න සූදානම්.

මෙහිදී සාමාන්‍ය නාලිකාවක් වගේම ලංකාවේ හැමෝටම පෙනෙන දකින්න පුළුවන් නාලිකාවක් ඉදිරිපත් කරනවා සේම විශේෂිත වූ වැඩසටහන් රැසක් අපි සූදානම් කරලා තියෙනවා ලංකාවේ රසවින්දනය උදෙසා

එතකොට ලංකාවේ අයට විතරයිද මේක බලන්න පුළුවන්?

නැහැ එහෙම නෑ

ලෝකේ ඉන්න ඕනිම කෙනෙකුට මේක සිංහල මාධ්‍යයෙන් නරඹන්න පුළුවන් .

ඊට අමතරව දමිල චිත්‍රපට,ඉංග්‍රීසි චිත්‍රපට,හින්දි චිත්‍රපට ඒ වගේම කතාමාලා අපි මේ අලුත් මොනරා නාලිකාවට එකතුකරලා තියෙනවා.

නාලිකාවත් එක්ක එකතු වුණාම ඔබට මේක තේරෙයි.

ඒවගේම තාරුණ්‍යයට විශේෂ වූ වැඩසටහන් රැසක් අපි වෙන්කරල තියෙනවා

සෙනසුරාදා ඉරිදා දවස් දෙකේම උදෑසන වරුව පුංචි ළමයි වෙනුවෙන් අපි වෙන්කරලා තියෙනවා.

ඒවගේම ටෙලිනාට්‍යය නරඹන ආස ඔබ සියලු දෙනාට ඉතාමත්ම රසවත් ටෙලිනාට්‍ය ගණනාවක් අපි ඔබට ඉදිරිපත්කරන්න සූදානම්.

ටෙලිනාට්‍යය 8ක් ඉදිරිපත් කරන්න අපි සූදානමින් සිටිනවා.ඒක රහසක්

3වෙනිදා උදේ 9.47ට යෙදෙන සුබ මොහොතින් මේක අපි ආරම්භ කරනවා. ” යනුවෙන් ඔහු සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!