මෛත්‍රීගේ CID ප්‍රකාශය ගැන ගන්න ඉදිරි පියවර

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමර්ශනය කිරීමෙන් පසුව නීතිපති උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ හිටපු ජනාධිපතිවරයා පැය 5කට අධික කාලයක් ප්‍රකාශ ලබාදීම සිදු කළා.

ඉන්දියාවේ සම්බන්ධයක් පිළිබඳව ද ඔහු එහිදී කරුණු සඳහන් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!