කතරගම මහ කපුවා කපෝතියි – දේවාලය පැත්ත පළාත තහනම්

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු තැන වන සොමිපාල රත්නායක සහ සහාය කපුවකු වන සමන් ප්‍රියන්ත යන අයගේ කපු ධුරයන් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර මහතා විසින් මෙම පියවර ගෙන ඇත්තේ, දේවාලයට පූජා කළ පවුම් තිස් අටක බර රන් තැටියක් මෙම කපුවන් වංචනික ලෙස පැහැරගෙන ගිය බවට එල්ල වන චෝදනා මතයි.

ඒ අනුව මෙම කපුවන් දෙදෙනාට කතරගම දේවාල මාළිගයට ඇතුළුවීම, රාජකාරි කටයුතු සම්බන්ධයෙන් කිසි ආකාරයකින් මැදිහත්වීම තහනම් බව ද බස්නායක නිලමේවරයා ලිඛිතව දැනුම් දීමට ද පියවර ගෙන තිබෙනවා.

රන් තැටිය පැහැරගෙන යාමේ සිදුවීම සම්බන්ධයෙන් කපුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන්ව අධිකරණය විසින් ඇප මත නිදහස් කිරීමට කටයුතු කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!