කෙහෙළියගේ නඩුවේ ‘සැපයුම්කරුගේ ‘ පිළිකා නාශක ඖෂධයකුත් ප්‍රමිතියට නෑ

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාවට අදාළ නඩුවේදී චෝදනා එල්ල වී ඇති ඖෂධ සැපයුම්කරු සපයා ඇති වෙනත් පිළිකා නාශක ඖෂධයක් ද ප්‍රමිතියෙන් තොර බවට වාර්තාවකින් තහවුරු වූ බව අධිකරණයේදී අනාවරණයවී තිබෙනවා.

එම පිළිකා නාශක ඖෂධය සම්බන්ධයෙන් ප්‍රමිති වාර්තාවක් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඊයේ (14) අධිකරණයට ඉදිරිපත් කරමින් මෙසේ සඳහන් කළා.

” මෙම ප්‍රශ්නගත ඖෂධ සැපයුම්කරු සැපයු තවත් ඖෂධයක් තමයි රිටොක්සිමැප් කියන්නේ. එම ඖෂධ මාත්‍රා 2,250ක් සැපයීමට ප්‍රශ්නගත සැපයුම්කරුට ටෙන්ඩරය ප්‍රධානය කර තිබෙන්නේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මාත්‍රාව වගේම ප්‍රමාණවත් තොග සෞඛ්‍ය අංශය තුළ තිබියදියි. ඒ අනුව මෙම සැපයුම්කරු අවස්ථා 4කදි රිටොක්සිමැප් එන්නත් මාත්‍රා 2200 ක් වෛද්‍ය සැපයුම් අංශයට සපයා තිබෙනවා. ස්වාමීනි, එම ඖෂධයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා ආයතනයෙන් අප ප්‍රමිති වාර්තාවක් කැඳෙව්වා. එම වාර්තාව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ස්වාමීනි රිටොක්සිමැප් ඖෂධය පිළිකා රෝගයෙන් සුව වීමට අදාළ වෙන්නේ එහි මොනකෝනල් නමැති පිළිකා නාශක ප්‍රතිදේහයට අන්තර්ගත වුණොත් විතරයි. නමුත් ස්වාමීනි මෙම සැපයුම්කරු සපයා ඇති රිටොක්සිමැප් කියන්නා වු මාත්‍රාවල එම ප්‍රතිදේහය කිසිඳු ලෙසකින් අන්තර්ගත වෙලා නැහැ. එය හුදෙක් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සැපයුවා වගේම නිකන්ම නිකන් ද්‍රාවණ සැපයීමක් විතරයි. එවැනි ද්‍රාවණයකට තමයි රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් රුපියල් ලක්ෂ 1000ක් ගෙවලා තියෙන්නේ. ස්වාමීනි, එම ඖෂධය ප්‍රශ්නගත වෙලා අධිකරණ නියෝගයකින් එම එන්නත් මාත්‍රා තොග යළි කැඳවන විටත් බෙදාහරින ලද එන්නත් මාත්‍රා 2200 න් 1200ක්ම භාවිත වෙලා තිබුණා. ඉතිරිවෙලා තිබුණේ එන්නත් මාත්‍රා 1000 ක් විතරයි. “

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!