‘ජයගමු ශ්‍රී ලංකා’ හෙට වව්නියාවේ දී

‘ජයගමු ශ්‍රී ලංකා’ ජනතා ජංගම සේවය හෙට (29) සහ අනිද්දා (30) යන දිනවල දී, වව්නියාව ගාමිණී මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේ දී පැවැත් වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම ජංගම සේවයේ දී වව්නියාව ප්‍රදේශයේ ජනතාවට දෙස් විදෙස් රැකියා අවස්ථා ඇතුළු සේවා රැසක් ලබා දීමට නියමිතයි.

මේ අතර හෙට (29) පස්වරුවේ, ජනප්‍රිය ගායන ශිල්පීන් රැසක් සහභාගි වන සංගීත ප්‍රසංගයක් ද පැවැත්වෙනු ඇති.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ මග පෙන්වීමෙන් පැවැත්වෙන ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන අනුරාධපුරයෙන් ආරම්භ කෙරුණු අතර අනතුරුව වැල්ලවාය, කෑගල්ල, මහනුවර, කුරුණෑගල, පොළොන්නරුව සහ මාතලේ යන නගරවල අති සාර්ථකව පැවැත්වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!