ඥානසාර හිමිට වසර හතරක සිර දඬුවමක්

කූරගල රජමහා විහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් නිසා, මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසවලට නින්දා කළ බවට චෝදනා ලැබ සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකට ම වරදකරු කරමින්.

මෙම නඩුවට අදාළව ඥානසාර හිමියන්ට එරෙහිව අධිචෝදනා බාර දුන්නේ, ඉකුත් 2020 වසරේ ඔක්තෝබ‍ර් 21 වැනි දා යි.

2016 වසරේ කොළඹ දී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක දී, කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!