සිංහ ධජය යටතේ නෞකා ලියාපදිංචියට අවධානය

ශ්‍රී ලංකා ධජය යටතේ නෞකා ලියාපදිංචියට රජයේ අවධානය යොමු වී තිබෙන බවත්, එය ප්‍රවර්ධනය කිරීම සඳහා සුදුසුකම් සහිත දේශීය හා විදේශීය ආයතන වෙතින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ගැනීම ඇතුළු යෝජනා රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඒබව සඳහන් කළ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසුවේ, ඊට අදාළ
තාක්ෂණික ඇගයීම් කමිටුවක් මගින් එම යෝජනා ඇගයීමකට ලක් කර ප්‍රසම්පාදන කමිටුවක නිර්දේශ මත වඩාත් යෝග්‍යතම ආයතන තෝරා ගැනීමට නියමිත බවයි.

අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් වන අතර නෞකා ලියාපදංචිය දේශීය ආර්ථිකයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගලා එන මාර්ගයක්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!