විද්‍යාපීඨවලට ඇතුළත්වීමට අයදුම්පත් අද සිට Online මගින්

2021/2022 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්‍ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය අද ( 15 ) ගැසට් පත්‍රයේ පළ කර ඇති අතර මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වනවා.

අද දහවල් 12.00න් පසුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ සඳහා අයදුම් කළ හැකි අතර අයදුම් කිරීමේ කාල සීමාව 2024.04.05 දිනයෙන් අවසන් වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!