වසරක් තුළ ආර්ථික වර්ධනයක් – ඇඟලුම් ක්ෂේත්‍රයත් ඉහළට

අපනයන අංශය 2023 පෙබරවාරි සිට මේ වසරේ පෙබරවාරි දක්වා 7.9 % ක වර්ධනයක් ළඟාකරගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එම වකවානුව තුළ ඇඟලුම් ක්ෂේත්‍රයද 10.8 % කින් වර්ධනය වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

විදේශ ප්‍රේෂණ ප්‍රමාණයද එම වකවානුව තුළ ඩොලර් මිලියන 407 සිට ඩොලර් මිලියන 476 දක්වා එනම් 16.9 % ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා , ඉහත වකවානුව තුළ රුපියලේ අගයද 17 % කින් වර්ධනය වී ඇති බව පෙන්වා දුන්නා.

එය මේ වර්ෂය තුළ පමණක් 7.6 % කින් වර්ධනය වී ඇති බව සඳහන් .

රටේ නිල සංචිත ප්‍රමාණයද 2023 පෙබරවාරි මාසයේදී ඩොලර් බිලියන 2.2 ක් ලෙස පැවතියද එය මේ වසරේ පෙබරවාරි මාසය වන විට ඩොලර් බිලියන 4.5 දක්වා වර්ධනය වී ඇති බව ද අමාතයවරයා සඳහන් කළ අතර එය 104 % ක වර්ධනයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!