කච්චතිව් ගැන වසර 50කට පසු අනාවරණයක් – ලංකාවට දුන්නාට මෝදි කේන්තියෙන් දොස් කියයි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය කච්චතිව් දුපත ශ්‍රී ලංකාවට ලබා දීමට ගත් තීරණය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය කොංග්‍රස් පක්ෂයට දෝෂාරෝපණ එල්ල කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

1974 වසරේදී ඉන්දිරා ගාන්ධි මහත්මිය අග්‍රාමාත්‍යවරිය ලෙස කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට පවරා දීමට කටයුතු කර තිබෙන බවට තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ලබා ගත් තොරතුරු මත අනාවරණය වීම හේතුවෙන් මෝදි මෙලෙස කොංග්‍රස් පක්ෂයට දෝෂාරෝපණ එල්ල කර තිබෙනවා.

ඉන්දියාවේ පැරණි පක්ෂයක් වූ කොංග්‍රස් පක්ෂය රටේ එකමුතුකම සහ අඛණ්ඩතාව දුර්වල කර ඇති බවත් මෙම තීරණය සම්බන්ධයෙන් ඉන්දියානුවන් කෝපයෙන් පසුවන බවත් කොංග්‍රස් පක්ෂය විශ්වාස කළ නොහැකි බවට මතයක් ඔවුන්ගේ සිත්වල ගොඩ නැගී ඇති බවත් මෝදි සඳහන් කළා.

කච්චතිව් දූපත සාම්ප්‍රදායිකව දෙරටේම ධීවරයින් විසින් භාවිත කරන ලදී.නමුත් 1974 වසරේදී එවකට හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය විසින් කච්චතිව් දුපතේ අයිතිය ශ්‍රී ලංකාවට පවරා දෙනු ලැබුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!