රේගුවේ වෘත්තිය ක්‍රියාමාර්ග තවදුරටත්

රේගු නිලධාරීන් අද (19) උදෑසන සිට ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන් කළේ.

ඉකුත් සිකුරාදා දින සිට ක්‍රියාත්මක වන වෘත්තිය ක්‍රියාමාර්ග සඳහා හේතු වූයේ, රේගුවේ නිලධාරීන්ට වැටලිම්වලදී ත්‍යාග මුදල් ලබාදෙන අරමුදල මුදල් අමාත්‍යංශයට පවරා ගැනීමට කටයුතු කිරීම නිසායි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!