ලබන සතියේ මෛත්‍රීට ‘රහස් පොලිසිය’ කරන්න හදන දේ

මීට වසර පහකට පෙර ජීවිත බිලිගත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ලබන සතියේ ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැනටමත් පැමිණිල්ලක් ලැබී ඇති බැවින් ලබන සතියේ ඔහුගේ ප්‍රකාශය සටහන් කර ගන්නා බවයි.

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

වෛද්‍ය ජයවර්ධන පැවසුවේ ඝාතනය සිදුවී වසර පහක් ගතවී ඇතත් අපරාධයට අදාළ තොරතුරු හෙළි කිරීමට හිටපු ජනාධිපතිවරයා අපොහොසත් වීම තම පැමිණිල්ලට පදනම් වී ඇති බවයි.

කොමිෂන් සභාවලට තොරතුරු හෙළි කිරීමට ඔහු අපොහොසත් වූ අතර ඔහුගේ නවතම ප්‍රකාශය නිසා මහජනතාව කුපිත විය හැකි බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් ඉල්ලා සිටි බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!