සුපිරි ක්‍රීඩකයන් හතරක් මග හැර ඔස්ට්‍රෙලියාව නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුව එළිදක්වයි

ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ආයතනය 2024-25 වර්ෂවලට අදාලව ජාතික කොන්ත්‍රාත්තු පිරිනැමීමට නියමිත පිරිමි ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අදාල කාලසීමාවට බලපැවැත්වෙන පරිදි ක්‍රීඩකයන් 23න් දෙනෙකුගෙන් සමන්විත ලැයිස්තුවක් ප්‍රසිද්ධ කර ඇති අතර එහි ඉකුත් කාලසීමාවේ ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ ප්‍රබල ක්‍රීඩකයන් සිව් දෙනෙක් ම මග හැරීම ක්‍රීඩා ලෝකයේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

එම ක්‍රීඩකයන් සිව් දෙනා අතරට ඔස්ට්‍රෙලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක මාකස් ස්ටොයිනිස් ද ඇතුලත් වීම වීශේෂත්වයක්.

මේ අතර කොන්ත්‍රාත්තුව මග හැරුණු සෙසු ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනා වන්නේ, තුන් ඉරියව් ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර්, ආරම්භක පිතිකරු මාකස් හැරිස්, වේග පන්දු යවන ක්‍රීඩක මයිකල් නෙසර් සහ මෑතක දී විශ්‍රාම ගිය තරුවක් වන ඩේවිඩ් වෝනර් යන අයයි.

ඒ අනුව 2024-25 වර්ෂවලට අදාලව ජාතික කොන්ත්‍රාත්තුව දිනා ගත් ක්‍රීඩකයන් වන්නේ; ෂෝන් ඇබට්, සේවියර් බාර්ට්ලට්, ස්කොට් බෝලන්ඩ්, ඇලෙක්ස් කේරි, පැට් කමින්ස්, නේතන් එලිස්, කැමරන් ග්‍රීන්, ආරොන් හාඩි, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, උස්මාන් කවාජා, මාර්නස් ලබුෂේන්, මිචෙල් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල්, ලාන්ස් මොරිස්, ටොඩ් මර්ෆි, ජායි රිචර්ඩ්සන්, මැට් ශෝට්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාර්ක් සහ ඇඩම් සම්පා යන අයයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!