බැසිල් අද පොහොට්ටු මන්ත්‍රීවරු හමුවේ

බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද (20) දහවල් පැවැත්වීමට නියමිතයි.

බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ දී.මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා ඉදිරිපත් කළ යුතු බව පොදුජන පෙරමුණේ පිරිසක් මේවන විටත් දැනුම් දී ඇති අතර ඇතැම් කොටසක් වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව යෝජනා කර තිබෙනවා.

මෙහිදී එකඟතාවයට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!