යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා උළෙල ඇරඹේ

59 වැනි ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා උළෙල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (22) ආරම්භ වනවා.

ඒ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් හරේන්ද්‍ර පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙවර 59 වැනි ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා උළෙල සදහා රෙජිමේන්තු 21ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 575 තරඟ ඉසව් 26ක් යටතේ තරඟ වැදීමට නියමිතයි.

පසුගිය වර පැවති 58 වැනි ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා උළෙලේ දී රිටි පැනීම පිරිමි, තුන් පිම්ම පිරිමි, මිටර් 10000 තරඟ ඇවිදීම‍ කාන්තා සහ පිරිමි, මීටර් 200 සහය දිවීම පිරිමි ඉසව්වලින් නව ජාතික වාර්තා පහක් බිහිකිරීමට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!