අද සිට සතොසින් දෙන සහන මල්ල ගන්න ඔබත් සූදානම්ද

දිවයිනේ සියලුම සතොස ශාඛා වෙතින් සහන මල්ලක් මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට අද (02) සිට අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන්.

රුපියල් 4,500ක් වටිනා ආහාර ද්‍රව්‍ය 11ක් අඩංගු මෙම සහන මල්ල රුපියල් 3,420ක් වැනි සිල්ලර මිලකට මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව ලබාදී ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කළා.

ඒවගේම අද සිට බිත්තරයක් රුපියල් 36 වැනි සිල්ලර මිලකට අලෙවි කිරීමටද සතොස පියවර ගෙන තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!