ධනංජයගෙන් තවත් ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු තරගයේ දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා ශතකයක් වාර්තා කර ගැනීමට සමත් වුණා.

පළමු ඉනිමේ ද ශතකයක් රැස් කළ ධනංජය ද සිල්වා රැස්කළ මෙම ශතකයත් සමග ඔහු සිය ටෙස්ට් දිවිය තුළ රැස් කළ 12 වැනි ශතකය සටහන් කරනු ලැබුවා.

ඒ අනුව බංග්ලාදේශයට එරෙහිව එක් ටෙස්ට් තරගයක දී ශතක දෙකක් වාර්තාකළ තෙවැනි ශ්‍රී ලංකා පිතිකරුවා ලෙස ධනංජය වාර්තා අතරට එක් වනවා.

මීට පෙර එම දස්කම දක්වා තිබුණේ, තිලකරත්න ඩිල්ෂාන් (162/143) සහ කුමාර් සංගක්කාර (142/105 – ගාල්ල) (319/105 – චට්ටෝග්‍රාම්හි) පමණයි.

එමෙන්ම මෙලෙස ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක් තරගයකදී ශතක 02ක් වාර්තා කළේද වසර 10කට පසුව වීම විශේෂත්වයක්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!